පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළා.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවයි.
බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ''පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ඉර්දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ බහුතර විනිසුරු මඩුල්ල විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් සඳහන් කළා.
සුලුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළා.
මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Latest News
ඉදිරි පැය 36 තුළ දිස්ත්‍රික් කිහිපයකට තද වැසි
Local
03 August 2026
කැලණි නිම්නයේ පහත්බිම් රැසකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක්
Local
03 August 2026
පාස්කු ප්‍රහාර විමර්ශනට අදාලව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ගැන ගෝඨාභයගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 22
Local
03 August 2026
පැයක් ඇතුළත දඹුල්ලේ අනතුරු තුනක්
Local
03 August 2026
අයහපත් කාලගුණය හෙට දහවල් අඩුවේ: ටයිෆූන් බලපෑමෙන් 06 වැනිදා සිට නැවතත් වැසි
Local
03 August 2026
Melwa Challenge Trophy දිවයින පුරා ඇරඹෙයි
Local
03 August 2026
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව මගහැර විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්
Local
03 August 2026
තෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ: PUCSL තීරණය කරයි
Local
03 August 2026
දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොටට මහ ගංවතුර අවදානමක් - ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි
Local
03 August 2026
වටවල දුම්රිය ස්ථානය මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
03 August 2026