ප්‍රමාද වන අධිකරණ ක්‍රියාමාර්ග සහ දරුණු යටිතල පහසුකම් හිඟය හමුවේ බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන බව වාර්තා වනවා.
ධාරිතාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් රඳවා තබා ගැනීම හේතුවෙන් මෙම මධ්‍යස්ථාන තුළ දැඩි මානුෂීය ගැටලු රැසක් මතුව ඇතිබව සඳහන්.
අධික තදබදය, අධික රස්නය සහ පටු ඉඩකඩ සහිත ජීවන තත්ත්වයන් හේතුවෙන් එහි වෙසෙන දරුවෝ අමානුෂික ලෙස පීඩා විඳින බව වාර්තා වනවා.
වඩාත්ම කනගාටුදායක කරුණ නම්, ළමා නීතිවල පවතින හිඩැස් සහ වයස නිර්ණය කිරීමේ සංකීර්ණතා හේතුවෙන්, වැඩිහිටියන් සහ තරුණයන් ද මෙම ළමා මධ්‍යස්ථාන තුළ රඳවා තබා ගැනීමේ ප්‍රවණතාවක් පැවතීමයි.
මෙම තත්ත්වය එහි සිටින බාලවයස්කාර දරුවන්ගේ සුබසාධනයට, ආරක්ෂාවට සහ මානසික වර්ධනයට දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා.
බංග්ලාදේශ නීති කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘2013 ළමා පනත: සැකයන්, අනුකූල නොවීම් සහ ව්‍යාකූලතා’ නමැති පර්යේෂණ වාර්තාව මගින් මෙම කනගාටුදායක තත්ත්වය මෑතකදී අනාවරණය කර තිබෙනවා.
නීති කොමිෂන් සභාවේ ක්ෂේත්‍ර පරීක්ෂණ සහ මෑතකාලීන වාර්තාවලට අනුව, ගාසිපූර් සහ ජෙසෝර් යන ප්‍රදේශවල පිහිටි පිරිමි ළමුන් සඳහා වන ප්‍රධාන මධ්‍යස්ථාන දෙකෙහි නිල ධාරිතාව ඉක්මවා විශාල පිරිසක් රඳවා තබා ඇති බව වාර්තා වනවා.
ගාසිපූර් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නිල ධාරිතාව 300ක් වුවද සැබෑ යටිතල පහසුකම් පැවතෙන්නේ 200 කට පමණක් බවයි වාර්තා වන්නේ.
එහි දැනට දරුවන් සහ තරුණයන් 578 දෙනෙකු රඳවා සිටින බව සඳහන්.
මෑතකාලීන වාර්තාවලට අනුව එහි සිටින සමස්ත පිරිස 780 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උපරිම 10 දෙනෙකු සඳහා නිර්මාණය කර ඇති කාමරවල දරුවන් 15 සිට 20 දක්වා ප්‍රමාණයක් තදබදයෙන් සිටින බවයි හිටපු නේවාසිකයෝ පවසන්නේ.

Latest News
මහර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි
Local
02 August 2026
රාගම ග්‍රාම සේවා වසම් 3කට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ
Local
02 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නංවන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිපති අනුමැතිය
Local
02 August 2026
විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී කොටු
Local
02 August 2026
මහර බන්ධනාගාර ගැටුමෙන් ගොඩනැගිලි රැසකට හානි
Local
02 August 2026
රත්මලාන වෙඩිල්ලත් කංජිපානිගේ
Local
02 August 2026
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් ඉඳුරුව වෙරළේ
Local
02 August 2026
බන්ධනාගාර පද්ධතියට පැලැස්තර දැමීම නතර කර වහා ප්‍රතිසංස්කරණය කරන්න - නාමල් රාජපක්ෂ
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: සිරකරුවන් සිරමැදිරිවලට සීමා කරයි
Local
02 August 2026