General01 August 2026

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (01) පස්වරුවේ හදිසියේ මතුවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එහි ඇති ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

මේ අතර, මෙම නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් තුවාල ලැබූ බව කියන බන්ධනාගාර රැඳවියන් සිව්දෙනෙකු (04) මේ වන විටත් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් මහර බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂාව සඳහා වහාම කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes