General03 August 2026

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ - පහත්බිම්වාසීන්ට දැනුම්දීමක්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීමට පියවර ගන්නා බව මහවැලි අධිකාරිය පවසනවා.

ඒ අනුව, අද (03) පස්වරු 3:00 සිට අදාල වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීම ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසන්නේ.

මේ හේතුවෙන් කොත්මලේ ජලාශයට පහළින් පිහිටි පහත්බිම් සහ කොත්මලේ ඔය දෙපස ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes