General02 August 2026

මහර බන්ධනාගාර අධිකාරීගෙන් නිවේදනයක්: දින 3කට රැඳවියන් බැලීම නතර කෙරේ

මහර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ දේපළ හානි සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් හමුවීමට අමුත්තන්ට ලබා දෙන අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, 2026 අගෝස්තු 03, 04 සහ 05 යන දිනවලදී රැඳවියන් පෙන්වීම සිදු නොකරන බවයි මහර බන්ධනාගාර අධිකාරී එස්. ආර්. එල්. ගලප්පත්ති විසින් නිවේදනය කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes