තමන් පොලිස් නිලධාරීන් බව අඟවා රිටිකැටිය, නව ජනපදයේ නිවෙසකට ඇතුළු වී ඇති පිරිසක් එහි නිවැසියන් බිය ගන්වා රන් මාල 02 ක් හා ජංගම දුරකථනයක් කොල්ල කා පලා ගොස් ඇති අතර ගම්වැසියන් එකතුවී ඉන් එක් අයෙකු අල්ලා වැලිපැන්න පොලිසියට භාරදී තිබෙනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඉකුත් (31) වැනිදා රාත්‍රී 8.30 ට පමණ බව පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිටිකැටිය, නව ජනපදයේ පදිංචි අදාල නිවෙසේ හිමිකාරිය කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කළ බවයි වැලිපැන්න පොලිසිය සඳහන් කරන්නේ.
පොලිස් නිලධාරීන් බව පවසා සිවිල් ඇඳුමෙන් සැරසුනු සිව් දෙනෙක් නිවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියා තම ජංගම දුරකථනය ඔවුන් භාරයට ගත් බවත්, ඉන්පසු දියණියත් මවත් ඉදිරි කාමරයේ සිර කර, ස්වාමි පුරුෂයාවත් තමාවත් දෙදෙනෙකු භාරයේ රඳවාගෙන මවගේත් තමාගේත් ගෙල බැඳි රන් මාල ගලවාගෙන මෝටර් රථයෙන් පලා ගිය බවත් පැමිණිලිකාරිය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්.
මේ අවස්ථාවේදී තමා කෑ ගැසූ විට යතුරු පැදියක නැගී පලා යෑමට තැත් කළ සැකකරුවෙකු අසල්වාසීන් විසින් අල්ලා ගත් බවත් ඇය පොලිසියට කර තිබූ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා.
මෙසේ පොලිස් භාරයට පත් කර ඇත්තේ මතුගම , පන්නිල , නිල්කෙතවත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්.
මෝටර් රථයෙන් පළා ගිය බව කියන අනුරාධපුරේ පදිංචි "ඩෙලෝ" නැමත්තෙකු ඇතුළු තවත් තිදෙනෙකු පිළිබඳව තොරතුරු අණාවරනයවී ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ පවත්වනවා.
මෙහිදී සැකකරුවන් දමා ගිය මන්නා පිහි 02 ක්, යකඩ අඬුවක්, මුහුණු ආවරණ , ගම් ටේප්, භූමිතෙල් සහිත බෝතල් 02 ක් , ව්‍යාජ වාහන අංක සහිත කොළයක් , යතුරු පැදියක් හා බෑගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වැලිපැන්න පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
Latest News
මහර බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබුණේදැයි සෙවීමට පරීක්ෂණයක් - අධිකරණ ඇමති
Local
04 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 August 2026
ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් මැලතියන්
Local
04 August 2026
රිය අනතුරකට ලක්වූ රන්දෙණියේ බණ්ඩාර හස්තියා මියයයි
Local
04 August 2026
නුවරඑළිය අයහපත් කාලගුණ තත්ත්වය තරමක් පහව යයි: ආපදාවෙන් 5 දෙනෙක් මියගොස් අයෙක් අතුරුදන් - දිස්ත්‍රික් ලේකම්
Local
04 August 2026
ආදිත්‍ය නාරායන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කරයි
Local
04 August 2026
''අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න එපා'' - සජිත් ප්‍රේමදාස
Local
04 August 2026
ඉන්දීය නිළි ත්‍රිෂා සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට
Local
04 August 2026
BJ Auto වාහන සේවා මධ්‍යස්ථානය රත්මලානේදී විවෘත කරයි
Local
04 August 2026
යෝජිත අල්ලස් පනත් සංශෝධනයට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි කනස්සල්ල
Local
04 August 2026