General03 August 2026

කැලණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 ක කාලය සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අද (03) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් අංක 02 දැක්වෙන අනතුරු ඇඟවීමේ නිවේදනය, අගෝස්තු 05 වන දින පෙ.ව. 11.30 දක්වා බලපැවැත්වෙනු ඇති.

එහිදී, කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම්වල පදිංචි මහජනතාවගෙන් පවතින තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, විශේෂයෙන්ම අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes