General03 August 2026

පාස්කු ප්‍රහාර විමර්ශනට අදාලව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ගැන ගෝඨාභයගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 22

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අද (03) නිවේදනය කළා.

මෙම නඩුකරයට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස 31 වැනිදාට පෙර ගොනුකරන ලෙසයි මෙහිදී විනිසුරු මඩුල්ල නියම කළේ.
Related recommendation
Hiru TV News | Programmes