General04 August 2026

මහර බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබුණේදැයි සෙවීමට පරීක්ෂණයක් - අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ ඇතිවූ කළහකාරී ගැටුම පිටුපස බාහිර කුමන්ත්‍රණයක් පැවතියේදැයි සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, අමාත්‍යවරයා කියා සිටියේ තවත් බන්ධනාගාර කිහිපයක මෙවැනි ගැටුම් ඇති කිරීමේ උත්සාහයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට ප්‍රශ්න කිහිපයක් යොමුකළ අතර ඊට අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.
Related recommendation
Hiru TV News | Programmes