General04 August 2026

ටෙලිග්‍රෑම් යෙදවුම නැවතත් ඇපල් App Store වෙත

ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිත කරන ප්‍රමුඛ පෙළේ සංවාද සහ පණිවිඩ හුවමාරු යෙදවුමක් වන ටෙලිග්‍රෑම් (Telegram) ඇප් එක නැවතත් ඇපල් සමාගමේ App Store වෙත එක් කිරීමට කටයුතු කර ඇති බව ටෙලිග්‍රෑම් සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

යම් තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය නීති පද්ධතීන්ට අදාළව මතුවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඇපල් App Store වෙතින් තාවකාලිකව ඉවත් කර තිබූ ටෙලිග්‍රෑම් යෙදවුම, අදාළ කරුණු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව මෙලෙස නැවතත් iOS පරිශීලකයින් සඳහා ලබාදී ඇත

මෙම පියවරත් සමඟින් ලොව පුරා සිටින iPhone සහ iPad පරිශීලකයින්ට කිසිදු බාධාවකින් තොරව නැවතත් ඇපල් App Store හරහා ටෙලිග්‍රෑම් යෙදවුම භාගත කරගැනීමට (Download) සහ එහි නවතම යාවත්කාලීන කිරීම් (Updates) ලබාගැනීමට හැකියාව හිමිවනු ඇත.
Related recommendation
Hiru TV News | Programmes