මිටියාගොඩ පොලිස් වසමේ අලුත්වල හාර ප්‍රදේශයේදී ආපනශාලාවක මුදල් අයකැමි ලෙස සේවය කළ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමෙ සිද්ධියකට අදාලව ‘ජම්බු’ නමැත්තා අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
ඉකුත් 2025 නොවැම්බර් 17 වැනි දින සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශන සිදු කරනු ලබන අතර, වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සොයනුයේ උඩුමුල්ල, කලුපේ, හික්කඩුව පදිංචි ගල්කේන කංකානම්ගේ උපුල් කුමාර නොහොත් ‘ජම්බු’ නමැති 39 හැවිරිදි පුද්ගලයායි. මෙම සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය 871254385V වන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු මේ වන විට පදිංචි ප්‍රදේශය මගහැර සැඟව සිටින බැවින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස පොලීසිය මහජන සහාය පතනවා.
මෙම සැකකරු ගන්දර හා අම්බලන්තොට පොලිස් වසම්වල සිදුවූ වෙඩි තැබීම්වලටද අවශ්‍ය කරන සැකකරුවෙකු වන අතර, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකටද අවශ්‍යව සිටින අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මීටියාගොඩ පොලිසිය 091-2260423 ට හෝ ස්ථානාධිපති 071-8591481 යන අංක අමතා දැනුම් දෙන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
Latest News
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
Local
05 August 2026
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා - කොටුව මහේස්ත්‍රාත්
Local
05 August 2026
LPL ඉතිහාසයේ නව වාර්තාවක්: ගාල්ලට එරෙහිව යාපනයෙන් දැවැන්ත ලකුණු 242ක්
Local
05 August 2026
ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ඉහළට
Local
05 August 2026
හෙට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Local
05 August 2026
තමන්ට එරෙහි අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නීතිඥ රජීව් අමරසූරිය පවසයි
Local
05 August 2026
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
Local
05 August 2026