General05 August 2026

ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වෙනි මාණ්ඩලික ප්‍රධානී ලෙස ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම අද (05) දින යුද හමුදා මූලස්ථානයේදී රාජකාරී භාරගෙන තිබෙනවා.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී රාජකාරී භාරගත් එම අවස්ථාවට යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes