මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් පැවසුවා.
ගිලා බැසීමට අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවත්, පවත්නා දැඩි අයහපත් කාලගුණ තත්වය හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස විධායක ඉංජිනේරුවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින්වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ තිබුණා.
මේ හේතුවෙන් ආගරපතන ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශවාසීන්, එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන්ගේ සහයෝගයෙන් එම ගල කඩා ඉවත් කිරිමෙන් පසු අදාල මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (06) සිට යථා තත්වයට පත් කර තිබුණා.
Latest News
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ
Local
06 August 2026
කොල්ලුපිටියේදී ජංගම දුරකථනයක් කොල්ලකෑ චීන ජාතිකයා රිමාන්ඩ්
Local
06 August 2026
ඉම්රාන් ඛාන්ට සාධාරණ නඩු විභාගයක් නොදීම පිළිබඳ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයෙන් පාකිස්තානයට දැඩි චෝදනා
Local
06 August 2026
පොලිස්පතිවරයාට තර්ජනය කළැයි කියන සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි
Local
06 August 2026
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
06 August 2026
2025 දී වැඩිපුරම එළුවන් සහ බැටළුවන් ඝාතනය කර ඇත්තේ කොළඹින් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
Local
06 August 2026