General06 August 2026

''දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ, විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න'' - දිනන දකුණ

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ වත්කම් හා බැරකම් ප්‍රකාශන වෙත මහජන ප්‍රවේශය දුර්වල කිරීමට යෝජිතව තිබූ සංශෝධනය ආපසු හැරවීමට රජය ගත් තීරණය, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව 'දිනන දකුණ' සාමූහිකය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය පවසන්නේ, දූෂණයට එරෙහි සිවිල් සංවිධාන සහ මහජනතාව දිගින් දිගටම නැගූ හඬ හමුවේ ආණ්ඩුවට සිය අත්තනෝමතික තීරණයෙන් පසුබැසීමට සිදුවීම සතුටට කරුණක් බවයි.

දූෂණ විරෝධී පනතේ සංශෝධනය සම්බන්ධයෙන් රජය දැක්වූ නම්‍යශීලීභාවය මෙන්ම, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද සමාජය තුළ මතුව ඇති දැඩි විරෝධය කෙරෙහි අවධානය යොමු කරන ලෙස 'දිනන දකුණ' සාමූහිකය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes