ඇල්ලුවේ ජනතාවයි - පොලීසියයි
කොල්ලුපිටිය දුරකතන අළෙවි සලකට පැමිණ ජංගම දුරකථනයක් මිලදී ගන්නා මුවාවෙන් එය රැගෙන පලා යමින් සිටියදී පොලිසිය සහ මහජනතාව විසින් අල්ලා ගනු ලැබූ චීන ජාතිකයා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (05) නියෝග කළා.
ඒ, මෙම සැකකරු ඊයේ (05) කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදීයි.
මෙම සැකකරු කොල්ලුපිටිය ලිබර්ටිප්ලාසා හි ජංගම දුරකතන අලෙවි සලට පැමිණ ජංගම දුරකතනයක් මිලදී ගැනීමට බව පවසා එම දුරකතනය පිළිබඳව විනාඩිා 20ක් පමණ පරීක්ෂා කර බලමින් සිට ඇති බවත් පසුව එය රැගෙන කිලෝමීටරයකටත් වැඩි දුරකත් දිව ගොස් තිබූ බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.
පසුව, එම ස්ථානයේ සිටි මහජනතාව සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ සිටි පොලිස් නිලධාරියකු මෙම චීන ජාතිකයා පසුපස දිව ගොස් කොල්ලුපිටිය මංසන්ධියේදී මොහු අල්ලා ගෙන තිබූ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මෙම සැකකාර චීන ජාතිකයා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවත් කුමන හේතුවක් මත මෙරටට පැමිණියාදැයි යන්නට කිසිදු හේතුවක් ඉදිරිපත් නොකරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව එම සැකකරු කුමන හේතුවක් සම්බන්ධයෙන් මෙරටට පැමිණියාදැයි යන්න පිළිබඳවද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
කොල්ලුපිටිය පොලිසීයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිලෝගම ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
Latest News
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local
08 August 2026
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026
SDIGලා සිව්දෙනකුට ස්ථාන මාරු
Local
08 August 2026
ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 777.6ක්
Local
08 August 2026