කූඨ අරමුණු සහිත පුද්ගලයින්ගේ මෙහෙයවීම්වලට හසු වී බන්ධනාගාර තුළ කලබලකාරී තත්ත්වයන් ඇති කර නොගන්නා ලෙසත්, රැඳවියන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර රැඳවියන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බන්ධනාගාර කිහිපයක පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් අද (07) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ ප්රකාශයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයට කඩිනම් විසඳුම් ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු 118න් 70කට ආසන්න ප්‍රමාණයක් සඳහා මේ වන විටත් නව සේවකයින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
මේ මාසය වන විට රස පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය නව යන්ත්‍ර සූත්‍ර ගෙන ඒමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව, ඉදිරියේදී මසකට රස පරීක්ෂක වාර්තා 7,500ත් 9,000ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිත අතර, එමඟින් ඇප ලබා ගැනීමේදී සිදු වන ප්‍රමාදය අවම වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10ට වැඩි අවස්ථාවලදී ඇප ලබා ගැනීමට අභියාචනාධිකරණයට යොමු වීමට සිදු වීමෙන් විශාල ප්‍රමාදයක් සිදු වන බව හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව, යම් මත්ද්‍රව්‍ය වැරදි සඳහා මහාධිකරණයෙන්ම ඇප ලබා ගැනීමට හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමේ යෝජනාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

Latest News
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026
මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට : CCDය අධිකරණයෙන් ඉල්ලයි
Local
11 August 2026
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
Local
11 August 2026