General08 August 2026

SDIGලා සිව්දෙනකුට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට ළමා හා කාන්තා කටයුතු තනතුරට අමතරව පුහුණු හා උසස් පුහුණු තනතුරේ වැඩබැලීම සදහා ද පත් කර තිබෙනවා.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණානායක විශේෂ ආරක්ෂණ රාජකාරියේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පත් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන උතුර පළාතේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes