රටතුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත්, වර්ථමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.
බන්ධනාගාර ගැටුම සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා සිටියා.
බන්ධනාගාර තුළ පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින්ද විශේෂ ප්‍රකාශ සිදුකර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විශේෂ විමර්ශන සහ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
"දින තුනක් ඇතුළත බන්ධනාගාර හතරක මෙවැනි සිදුවීම් වාර්තා වීම පිටුපස විවිධ හේතු තිබිය හැකියි. ඒ පිළිබඳව ඊයේ සවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. දැනට පවතින විමර්ශන කටයුතු නිසා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම මේ මොහොතේ සුදුසු නැහැ," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
රටේ මුහුදු සීමාව ඇතුළු සමස්ත දිවයින පුරාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අවධාරණය කළ අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා, මහජන සාමය සහ නීතිය පවත්වාගෙන යාම සඳහා ඕනෑම අවස්ථාවක පොලිසියට සහාය වීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බවද සඳහන් කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය උපරිම විශ්වාසයකින් යුතුව කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

Latest News
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026