General09 August 2026

මැදිරිගිරියේ නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩල සභාපති චින්තක ටෙරන්ස් විජේරත්නට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය ප්‍රවාහන චෝදනා මත අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී, පසුගිය 7 වනදා හිඟුරක්ගොඩදී දොරදෙක හන්දිය ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් අතර, සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes