සිය මිනිබිරියන් දෙදෙනා සමග නිවෙසේ බූරු ගසමින් සිටි අවුරුදු 77ක් වයසැති මහලු කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකුට මාස තුනක අත්හිටවූ සිර දඬුවමක් නියම කළ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ ඔවුන්ට පැය පනහක කාලයක් ප්‍රජා සේවයේ යොදවන ලෙස මහත්මිය නියෝග කළා.
මෙම ප්‍රජා සේවය ඔවුන් පදිංචි නිවෙස අසල ඇති උඩුවර විහාරස්ථානයේ සිදුකරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළා.
මෙසේ අත්හිටුවූ සිර දඬුවම් නියම වූයේ අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි වියේ පසුවෙන කාන්තාවකට, ඇගේ දියණියගේ දියණියන් දෙදෙනාට සහ අසල්වැසි තවත් පුද්ගලයෙකුටයි.
අඟුරුවාතොට පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් 06 වැනිදායි.
මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම නිවෙසේ බූරු ගසමින් සිටි තවත් කීපදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු පලායෑමේ දී අනතුරට ලක්ව හිසට මැහුම් 04ක් යොදා ඇති බවට ද හෙළිවූ බව පොලිසිය පවසනවා.
උඩුවර විහාරස්ථානය අසල නිවෙසක කාලයක් තිස්සේ මහලු කාන්තාවක් විසින් බූරුපිටියක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව එම නිවෙස වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී මහලු කාන්තාව සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ඇගේ මිනිබිරියන් දෙදෙනා බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් පොලිසියට රැගෙන ඒමෙන් පසු ධර්මය පිළිබඳ වටහා දීමට දේශනයක් පැවැත්වීමටද ස්ථානාධිපතිවරයා විසින් කටයුතු කර තිබුණා.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන (55834) අනුරුද්ධ, (4206) එම්. අයි. පෙරේරා, (9699) සිසිර, පොලිස් කොස්තාපල්වරුන් වන (83935) ක්‍රිෂාන්ත, (99331) මධුවන්ත යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කළා.
Latest News
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026
ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
15 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
15 August 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11ක් මුදාගනී - නාවිකයෙක් අතුරුදන්
Local
15 August 2026
ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්
Local
15 August 2026