අලෙවි නියෝජිතයින් නියම කළ මිලට වඩා වැඩි මිල ගණන්වලට යතුරුපැදි අලෙවි කිරීම සහ විකිණීමට තබා තිබූ යතුරුපැදිවල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් හෙට්ටිපොල ප්‍රදේශයේ යතුරුපැදි වෙළෙඳසැල් තුනකට හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.
මෙරට යතුරුපැදි වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ සීමිත සැපයුම් තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් පාර්ශ්වයන් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් යතුරුපැදි ලබාගෙන, ඒවා පසුව සැබෑ පාරිභෝගිකයින් වෙත අධික මිල ගණන්වලට නැවත අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට තොරතුරු ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බලපත්‍රලත් නිල යතුරුපැදි අලෙවි නියෝජිත සමාගමක් මගින් ද පාරිභෝගික අධිකාරිය වෙත ලිඛිතව කරුණු දක්වා තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ පවතින සීමිත සැපයුම හමුවේ පාරිභෝගිකයින්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා "පළමුව පැමිණෙන අයට ප්‍රමුඛතාව" ලබාදෙන පොරොත්තු ලේඛන ක්‍රමයක් ක්‍රියාත්මක කළ ද, ඇතැම් ජාවාරම්කරුවන් එය අවස්ථාවක් කරගනිමින් මෙලෙස අසාධාරණ ලෙස මුදල් උපයන බවයි.
මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 ජූලි 27 වන දින හෙට්ටිපොල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ වෙළෙඳසැල් හසුකරගෙන ඇති අතර, පසුව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, ඕනෑම යතුරුපැදියක් මිලදී ගැනීමට ප්‍රථම එහි නිල අලෙවි මිල සහ ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කරන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම, සීමිත සැපයුම් තත්ත්වයන් හමුවේ පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස වැඩිපුර මුදල් අයකරන හෝ මිල ගණන් ප්‍රදර්ශනය නොකරන ජාවාරම්කාර වෙළෙඳුන් පිළිබඳ තොරතුරු පවතී නම්, රාජකාරි වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසයි එම අධිකාරිය පවසන්නේ.

Latest News
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026