මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, එම කලාප තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනය පදනම් කරගනිමින් මෙම විශේෂ දැනුම්දීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 (70 km/h) දක්වා ඉහළ යා හැකි බවත්, සුළඟේ වේගය වැඩිවීමත් සමඟ අදාළ මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්.
එහිදී, පවතින තත්ත්වය වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බැවින්, අදාළ ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස දැඩි ලෙස අවවාද නිකුත් කර තිබෙනවා.
අවදානම් තත්ත්වයක් වාර්තා නොවන වෙනත් ප්‍රදේශවලින් මුහුදු යන ධීවර යාත්‍රා ද මාතර සිට පොතුවිල් දක්වා නම් කර ඇති මෙම අවදානම් කලාපය තුළ ධීවර රැකියාවේ නොයෙදීමට වගබලා ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Latest News
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වැඩිපුර මුදල් අය කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට ලක්ෂ 05ක දඩ
Local
09 August 2026