General09 August 2026

බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් එළඹෙන ලබන 18 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කළේ.

මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ මෙම සාකච්ඡාවේ අරමුණයි.

එමෙන්ම, කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් හෙට ලැබීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

මීගමුව, මහර, මැගසින් සහ කුරුවිට යන බන්ධනාගාර තුළ ගෙවුණු සති පහ තුළ ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 36 දෙනෙකු මියගිය අතර තවත් 160 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

මෙවන් පසුබිමක, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මෙලෙස නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මීට පෙර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේ, ඒ. සී. ගජනායකයි.
Related recommendation
Hiru TV News | Programmes