නගරයේ අවන්හලකින් ආහාර ද්‍රව්‍ය ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 5,000 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී ඉතිරි මුදල්ද මාරු කරගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු කළුතර පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධිිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ දකුණු කළුතර ගාලු පාරේ මෙම අවන්හල පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්.
තමා සහ මව කළුතර නගරයේ බේකරි කෑම අලෙවි කරන අවන්හලක් පවත්වාගෙන යන බවත්, ඉකුත් 08 වන දින කාන්තාවක් පැමිණ මවගෙන් ආහාර වර්ග කීපයක් ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 5,000 ක නෝට්ටුවක් දී ඉතිරි මුදල්ද ලබාගෙන පිටව ගොස් ඇති බවත් පැමිණිලිකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.
පසුව පැමිණිලිකරුගේ මව රුධිර සාම්පලයක් ලබා ගැනීම සඳහා ඊයේ (09) කළුතර නගරයේ වෛද්‍ය ආයතනයකට ගොස් මෙම රුපියල් 5,000 නෝට්ටුව ඉදිරිපත් කළ අවස්ථාවේදී, එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව පවසා එම ආයතනය එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම්දී ඇතැයි වාර්තා වෙනවා.
Latest News
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026