General10 August 2026

ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මෙම මස 21 තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද (10) නියෝග කළා.

එම සැකකාරිය රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

මෙම සැකකාරිය මාස 10ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඉෂාරා සෙව්වන්දි ඉකුත් 2025 ඔක්තෝබර් 14 වැනිදා නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නේපාල ආරක්ෂක අංශ එක්ව කළ මෙහෙයුමකදී කත්මණ්ඩු නගරයට ආසන්න ප්‍රදේශයකදීයි.

ඇය 2025 ඔක්තෝබර් 15 වැනිදා තවත් සැකකරුවන් පස්දෙනෙකු සමඟ මෙරටට රැගෙන විත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අද (10) වන තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබුවා.




Related recommendation
Hiru TV News | Programmes