General11 August 2026

බකමූණ ප්‍රදේශයේ රිය අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට

දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් රථයක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද (11) අලුයම සිදුවූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි මව, 43 හැවිරිදි ඇගේ පුත්‍රයායි.

එසේම, මියගිය පුද්ගලයාගේ අවුරුදු එකහමාරක වයසැති පුත්‍රයා ද බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණා.

ඔවුන් කළුන්දෑව ප්‍රදේශයේ උපන් දින සාදයකට සහභාගි වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වුණා.

අදාළ බස් රථය කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබී ඇති අතර ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදිය දමනයාය ප්‍රදේශයෙන් හැරවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු, බකමූණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes