විදුලි උත්පාදන ලංකා (EGL) පෞද්ගලික සමාගම වෙත දැනට පවතින වෙළඳපල මිලට වඩා රුපියල් 25 ක් අඩු සහනදායී මිලකට විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ලබා දෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
ඉංග්‍රීසි පුවත්පතකට ඊයේ (10) අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වැඩපිළිවෙළ මීට පෙරද පැවති එකක් බවත්, EGL සමාගම වෙත සහනදායී පදනමක් යටතේ ඉන්ධන සැපයීම තවදුරටත් කරගෙන යාම සඳහා එම යාන්ත්‍රණය නැවත ක්‍රියාත්මක කළ බවයි.
"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට පවතින මිලට වඩා රුපියල් 25 ක් අඩුවෙන් ඉන්ධන ලබා දෙනවා. ඒක මීට කලිනුත් තිබුණු ක්‍රමවේදයක්. අපි ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරලා ඒ යාන්ත්‍රණය නැවත ස්ථාපිත කළා," යනුවෙනුයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පවසන්නේ, නවතම විදුලි ගාස්තු සංශෝධනයට ඇතුළත් කර ඇති එක් කොන්දේසියක් වන්නේ EGL සමාගම CPC සමඟ ඉන්ධන මිලදී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම බවයි.
තවද, EGL සමාගමට ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා ලබා දී තිබූ කාලය දැනටමත් අවසන් වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව තහවුරු කර ඇති බවයි ඔහු පවසා සිටියේ.
EGL සහ CPC අතර සාකච්ඡා තවදුරටත් පවතින බව මීට පෙර වාර්තා වූ අතර, ඉන්ධන මිලට ඇතුළත් කර ඇති 'බෙදාහැරීමේ නිලධාරීන්ගේ කොමිස් මුදල' සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්ත්වයක් පැවතුණා.
විදුලි උත්පාදනය සඳහා මිලදී ගන්නා ඉන්ධන වෙනුවෙන් අදාළ කොමිස් මුදල ඉවත් කරන ලෙස EGL සමාගම ඉල්ලා සිටියද, EGL යනු සෘජු ඉන්ධන පාරිභෝගිකයෙකු ලෙස ක්‍රියා කරන බැවින් එවැනි සහනයක් ලබා දිය නොහැකි බවයි පවසා සිටියේ.

Latest News
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026