මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටිනවා.
රජය සිය ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමට සහ දේශපාලන විවේචන නිහඬ කිරීම සදහා සමාජය තුළ බල පවත්වන ජනප්‍රිය දූෂණ විරෝධී රැල්ල මෙවලමක් ලෙස යොදා ගනිමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කරන්නේ.
මේ සදහා ආසන්නතම උදාහරණය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය බවත්, අපහාසාත්මක හෝ වෛරී ප්‍රකාශනයන්ට එරෙහිව කටයුතු කරන්නට සිවිල් නීතිය තුළ අපමණ ප්‍රතිපාදන තිබියදී රජයේ උපදෙස් පරිදි පොලිසිය කටයුතු කරන ලද්දේ අපරාධ නීතිය යටතේ ඔහුට දඩුවම් කරන්නට බවත්, ඔවුන් සඳහන් කරනවා.
එසේම මෙය දේශපාලන ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීම සඳහා පොලිස් බලය අවභාවිත කිරීම පිළිබද පැහැදිලි උදාහරණයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ආයතනික අඛණ්ඩතාව, ආර්ථික සාධාරණත්වය සහ දූෂණයට එරෙහිවීම බිංදුවේ ඉවසීම යන පොරොන්දු මත ගොඩනැඟුණු "අනුරවාදයේ" ජනවරමට මාස දහඅටක් ගතවන තැන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය විසින් මහජන බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම දිය කරමින් සිටින බවත්, මතුපිටින් පෙන්වන සාර්ව ආර්ථික දත්තවලට පිටුපසින් ඇත්තේ එකතැන පල්වෙන සැබෑ ආදායම, අහස උසට ඉහළ ගිය දරිද්‍රතා රේඛාව සහ ජනතාවගේ පාරිභෝගික ශක්තිය සම්පූර්ණයෙන්ම සිඳී බිඳී දමන ලද වක්‍ර බදු පීඩනයක් බවත්, ඔවුන් පවසනවා.
අසාර්ථක වූ පොරොන්දු සහ වත්මන් පාලනය තුළ සිදුවන මහා පරිමාණ ටෙන්ඩර් අක්‍රමිකතාවලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා, රජය විසින් සූක්ෂම මැකියාවෙලියානු මර්දනයක් ආරම්භ කර ඇති බවයි දිනන දකුන සාමුහිකයේ නිරීක්ෂණය වී ඇත්තේ.
සියළු විරෝධතා මැද අත්තනෝමතිකව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන එන්නේ අනාගත මර්ධනකාරී ක්‍රියාපිලිවෙතකට අවැසි අධිකරණමය ආවරණය ගැනීමට බව එම සාමුහිකයේ මතය වන බව ද ඔවුන් සඳහන් කරනවා.
තෝරාගත් නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන දේශපාලන විරුද්ධවාදීන් බියගැන්වීමේ මෙවලම් බවට පත්කරගෙන තිබෙන බවත්, එවැනි සුක්ෂම වැඩපිලිවලක් ඉදිරියට ගෙන යන අතරේම ජනාධිපතිවරයා කියන්නේ නිවැරදිව තීරණය ගන්නා රහස් පොලිසියේ ප්‍රධානියා සහ අල්ලස් කොමිසමේ ප්‍රධානියා විපක්ෂයේ සතුරන් බවට පත්ව ඇති බවත්, එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කර සිටිනවා.
නමුත් පැහැදිලි හා කටුක සත්‍ය වන්නේ නීතිය සාධාරණ බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් තහවුරු කිරීමට එම පුද්ගලයන් අසමත්වීම බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඔවුන්ගේ එම නිරීක්ෂණය තහවුරු කරනු ලබන තවත් අවස්ථාවක් වන්නේ ප්‍රමුඛ විපක්ෂ දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් අධිකරණයට අපහාස කිරීමේ නීති ප්‍රතිපාදන යටතේ නඩු පැවරීමට දරමින් සිටින උත්සාහයවන අතර, එම ක්‍රියාව නීත්‍යානුකූල ලෙස දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම තහනම් කිරීම සඳහා සිදුකළ බරපතල නීති විරෝධී ක්‍රියාවක් ලෙස එම සාමුහිකය සලකනු ලබනු බව ද සඳහන්.
රජයේ මෙම උත්සාහය ලෙස එම සාමූහිකය දකින්නේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය හුවා දක්වමින් පුද්ගලයන්ට තාවකාලික සිරදඩුවමක්, රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් ලබා දීමයි.
ඒ අනුව වර්තමානයේදී විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට උත්සාහ කිරීම රට තුළ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවට පත්ව තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.
දූෂණ විරෝධී ජනප්‍රියතාවය කඩතුරාවක් කරගනිමින් විපක්ෂය සහමුලින්ම විනාශ කිරීමට දරන මෙම උත්සාහය, වසර සියයක් පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපති පොලිස් රාජ්‍යයක් දක්වා තල්ලු කිරීමේ පූර්වගාමී පියවරක් බවටයි "දිනන දකුණ" සාමූහිකය අනතුරු අඟවන්නේ.
"පාලන තන්ත්‍රයක් ජනප්‍රියත්වයෙන් ගිලිහී යන විට එය පැවැත්ම සඳහා මර්දනය දෙසට යොමු වේ. රජය විසින් තම විරුද්ධවාදීන් එකින් එක ඉලක්ක කර මර්දනය කරද්දී ජනතාව නිහඬව සිටීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයේම විනාශයයි," යනුවෙන් එම සාමූහිකය සඳහන් කරනවා.
එබැවින්, රජයේ මෙම ඒකාධිපති ගමනට එරෙහිව නැගී සිටින ලෙසත්, සියවසක් පුරා රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීම සඳහා පෙරට එන ලෙසත්, රජයේ මෙම හැසිරීම දූෂණයට තිත තැබීමට හෝ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සපථ කරන රජයේ සැබෑ වුවමනාව නොවන බවත්, රජය විසින් අටවමින් සිටින දේශපාලනික කෙමන පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙසටත් "දිනන දකුණ" සාමූහිකය සමස්ත සමාජයෙන්, මාධ්‍යවේදීන්ගෙන් සහ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Latest News
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026