ප්‍රංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන 6 වන පරම්පරාවේ 'Future Combat Air System' (FCAS) ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියට එක්වීම සඳහා ඉන්දියාව නිල වශයෙන් මූලික පියවර තබා තිබෙනවා.
ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එරට පාර්ලිමේන්තු ආරක්ෂක කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලේඛන උපුටා දක්වමින් Opex360 වෙබ් අඩවිය මෙම තොරතුරු වාර්තා කර තිබුණා.
ප්‍රංශ රජය මෙහෙයවන මෙම FCAS වැඩසටහනට සම්බන්ධ වීම සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.
මීට පෙර ඉන්දියාව, යුරෝපයේ දැනට පවතින 6 වන පරම්පරාවේ ගුවන් යානා ව්‍යාපෘති දෙකෙන් එකකට සම්බන්ධ වීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා.
ඒ ප්‍රංශයේ FCAS ව්‍යාපෘතිය හෝ බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජපානය එක්ව ක්‍රියාත්මක කරන 'Global Combat Air Programme' (GCAP) ව්‍යාපෘතියයි.
2026 මාර්තු මාසයේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් ප්‍රකාශ කළේ, තම රට මෙම සන්ධාන දෙකෙන් එකකට එක්වීමටත්, 6 වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් සංවර්ධනය කිරීමේ ඉදිරි පියවරයන් අධ්‍යයනය කිරීමටත් බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත්, මුල් FCAS ව්‍යාපෘතියේ ප්‍රධානතම කොටස වූ 'නව පරම්පරාවේ ප්‍රහාරක යානය' (NGF) නිර්මාණය කිරීම සඳහා ප්‍රංශය සහ ජර්මනිය අතර පැවැති සහයෝගීතාව නිමාවට පත්වීමත් සමඟ මෙම තත්ත්වය වෙනස් වුණා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ කාලීන මතභේද හේතුවෙන්, 2026 ජූනි මාසයේදී ප්‍රංශය සහ ජර්මනිය එකඟතාවයකින් යුතුව එම ඒකාබද්ධ ව්‍යාපෘතිය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
එම තීරණයෙන් පසුව, මෙම ව්‍යාපෘතිය සඳහා නව පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමට ප්‍රංශය අවධානය යොමු කර ඇති බව සඳහන්.
පසුගිය ජූලි මාසයේදී Dassault Aviation සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එරික් ට්රැපියර් සඳහන් කළේ, 6 වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් සංවර්ධනය කිරීම සඳහා යුරෝපීය නොවන රටවල්ද ඇතුළත් කර ගනිමින් ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීමට තමන් සහය දක්වන බවයි.

Latest News
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026