වීරකැටිය, ගෝනදෙණිය තේක්ක රක්ෂිතයේදී මස් වැද්දන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි මුවෙකුගේ ජීවිතය බේරාගැනීමට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමත්ව තිබෙනවා.
ඊයේ (10) වැනිදා පස්වරුවේ තුවාල ලැබූ මුවා ජලය පානය කිරීම සඳහා ගෝනදෙණිය ඇළ අසලට පැමිණ සිටියදී මෙම තරුණයන් පිරිසගේ නිරීක්ෂණයට ලක්ව තිබුණා.
පසුව වහා ක්‍රියාත්මක වූ තරුණයන් මුවා ආරක්ෂිතව අල්ලාගෙන, වනජීවී නිලධාරීන් දැනුවත් කර උඩවලව වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත භාරදීමට කටයුතු කළා.
ගෝනදෙණිය තේක්ක රක්ෂිතයේ වෙසෙන මුවන් ඇතුළු වනසතුන් මස් වැද්දන් අටවන මදුවලට හසුවීමෙන් සහ වෙඩි ප්‍රහාරවලට ලක්වීමෙන් නිරන්තරයෙන් ජීවිත අවදානමකට මුහුණ දෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.
තූවාල ලැබූ මුවාට අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව, සුවය ලැබූ පසු සුදුසු වන ලැහැබකට මුදාහැරීමට කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.

Latest News
රජයේ වැඩපිළිවෙලට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම මහත් ශක්තියක් - අගමැතිනිය
Local
16 August 2026
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
Local
16 August 2026
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026
වසර 6ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178ක් පැනලා
Local
16 August 2026
රුමේෂ්ගේ අංක 01 අවදානමක
Local
16 August 2026
මා ඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්
Local
16 August 2026
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි
Local
16 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහර අදයි: විශේෂ රථවාහන සැලැස්මක්
Local
16 August 2026
පළාත් කිහිපයකට වැසි
Local
16 August 2026