මේ වසර සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කරන ලද සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස 03 ඇතුළත අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (11) පැවැති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින්.
මෙම සාකච්ඡාවේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, "ප්‍රජා ශක්ති" දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් වුණා.
ඊට අමතරව බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.
සංවර්ධන වැඩසටහන්වල තත්ත්වය හඳුනාගෙන පවතින ගැටලු නිරාකරණය කිරීමෙන් බාධාවකින් තොරව ව්‍යාපෘති කඩිනමින් නිම කර ජනතාවට ප්රතිලාභ ලබාදීමට හැකි වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෙම සියලු ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ දරිද්‍රතාව තුරන් කිරීම බව අවධාරණය කළා.
එම නිසා, අත්දැකීම් මත පදනම් වූ නිර්නායක සකස් කර නියාමනය කිරීම මගින් මෙම වැඩසටහන්වල ගුණාත්මකභාවය සහ දීර්ඝකාලීන ප්‍රතිඵලදායක බව තහවුරු කළ යුතු බවද ඇය පැවසුවා.
ඉඩම්, ඇළ මාර්ග සහ කානු පද්ධතිවල වගකීම දැරීමට ආයතනයක් නොමැති බවට මීට පෙර මතුවූ ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය, කිසිදු වගකීම් දරන ආයතනයක් නොමැති මාර්ග හෝ ඇළ මාර්ග පැවැතිය නොහැකි බව ප්‍රකාශ කළා.
එහිදී ඇළ මාර්ග සහ ගංගාවල අයිතිය ගැසට් නිවේදනයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති බව නිලධාරීන් විසින් දැනුම් දුන් අතර, මින්පසු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එය ගැටලුවක් කර නොගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නා.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අරුණ පනාගොඩ, අසිත නිරොෂණ, දේවානන්ද සුරවීර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සැලසුම් කමිටු නියෝජිතයෝ රැසක් සහභාගී වුණා.

Latest News
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසුගිය වසරේ සිවිල් වැසියන් 153ක් මරුට: පෙන්ටගනය කියයි
Local
12 August 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 25 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
12 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද 339.03
Local
12 August 2026
පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙක් ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වැලිකන්දේදී අත්අඩංගුවට
Local
12 August 2026
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
12 August 2026
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
Local
12 August 2026
අක්කරපත්තු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙක් අල්ලස් දැලේ
Local
12 August 2026
චීනය, ජපානය සහ පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුවෙන් මිලියන ගණනකට පීඩා
Local
12 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
12 August 2026
ජීව උණ්ඩ සමඟ හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට
Local
12 August 2026