විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ගගන' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයා රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සමග ඊයේ (11) හෝමාගමදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලද නිශ්චිත බුද්ධි තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
හෝමාගම පොලිස් බල ප්‍රදේශයට අයත් හයිලෙවල් මාර්ගයේ කැන්දලන්ද ප්‍රදේශයේදී සැකකරු කොටුකර ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායම සමත් වී තිබෙනවා.
එහිදී සිදුකළ දැඩි සෝදිසියේදී සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 මිලිග්‍රෑම් 59ක් සහ මත්පෙති 800ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 44ක් වන හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු කලක පටන් විදේශගතව සැඟවී සිටින 'ගගන' නැමැත්තාගේ සෘජු උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය විමර්ශන කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවටයි සඳහන් වෙන්නේ.

Latest News
චීනයේ C919 යානය ජාත්‍යන්තර අහසට: බෝයිං - එයාර්බස් බලයට තර්ජනයක්!
Local
13 August 2026
2024 දී GSP+ හරහා ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 139ක බදු සහනයක් : 2027 දී කොන්දේසි තද වෙයි
Local
13 August 2026
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යාවශ්‍යයයි. : ඒකාබද්ධ විපක්ෂයෙන් දීර්ඝ ලිපියක්
Local
13 August 2026
උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්
Local
13 August 2026
පාස්කු නඩුවේ පැමිණිල්ලේ නඩු විභාගය අවසන්
Local
13 August 2026
බැකෝ සමන්ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට
Local
13 August 2026
"ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා..එකම උත්තරේ මේක නොකර ඉන්න" : නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
13 August 2026
අවුරුදු 04ක දැරියක් ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් මහමඟ දමා ගිහින්
Local
13 August 2026
වියළි කාලගුණය තවමත් - දිස්ත්‍රික්ක රැසක් හෙටත් උණුසුම්
Local
13 August 2026
යත්තල්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
13 August 2026