යුරෝපා සංගමය ලබාදෙන GSP+ සහනය හරහා 2024 වසරේදී පමණක් යුරෝ මිලියන 139ක ආනයන බදු සහනයක් මෙරටට හිමිවී ඇති බව යුරෝපා සංගමයේ නවතම ඇගයීම් වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් 2027 වසරේ සිට ඊට අදාළ කොන්දේසි සංශෝධනය කර ඇති අතර, එම තත්ත්වය ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවයි එම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
GSP+ සහනය යනු යුරෝපා සංගමය විසින් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සඳහා ලබාදෙන විශේෂ වෙළෙඳ වරප්‍රසාදයක්.
මේ හරහා මෙරට නිෂ්පාදන යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කිරීමේ දී ගෙවිය යුතු ආනයන බදු අඩු කෙරෙනවා.
යුරෝපා සංගමයේ GSP+ විශේෂ වෙළඳ වරප්‍රසාද වැඩසටහන වත්මන් ක්‍රමවේදය තුළ මෙරට ක්‍රියාත්මක වන්නේ 2017 වසරේ සිටයි.
මෙරට තුළ GSP+ සහනය හරහා වැඩිම ප්රතිලාභ ලබන ප්‍රධාන අපනයන අංශ වන්නේ ඇඟලුම්, රබර්, සකස් කළ ආහාර පාන සහ යන්ත්රෝපකරණයි.
මේ අතර, 2023 - 2025 අතර කාලය සඳහා වන යුරෝපා සංගම් ඇගයීම් වාර්තාව යුරෝපා සංගමය විසින් නිවේදනය කර තිබෙනවා.
එම වාර්තාවට අනුව, 2024 වසරේදී යුරෝපා සංගමයට අයත් රටවල් ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම යුරෝ බිලියන 2.64ක්.
ඉන් යුරෝ බිලියන 2.21ක් GSP+ වරප්‍රසාද සඳහා සුදුසුකම් ලැබූ අපනයන වුවද, එම වරප්‍රසාදය භාවිත කර ඇත්තේ යුරෝ බිලියන 1.52ක පමණ වෙළඳ භාණ්ඩ සඳහා පමණයි.
2024 වසරේදී GSP+ භාවිත කිරීමේ අනුපාතය දැක්වුණේ සියයට 68.9ක් ලෙසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට GSP+ සහනය හරහා තවත් ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාවක් පවතින බවද අදාළ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
එය 2024 වසරේ යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව සිදුකළ අපනයන වටිනාකමෙන් ආසන්න වශයෙන් සියයට පහක ප්‍රමාණයකට සමානයි.
කෙසේවෙතත්, 2027 වසරේ සංශෝධිත GSP කොන්දේසි අනුව ශ්‍රී ලංකාව GSP+ සුදුසුකම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා තවත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය බවයි යුරෝපා කොමිසම අවධාරණය කරන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම, මරණ දඬුවම වහාම අත්හිටුවීම සහ ආගමික, වාර්ගික හා ලිංගික සුළුතරයන් සඳහා සඵලදායී නීතිමය ආරක්ෂාවක් ලබා දීම ඒ අතර ප්‍රධානයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස රැඳවුම් භාරයට ගැනීම සඳහා තවදුරටත් මෙවලමක් ලෙස භාවිත කිරීම,අන්තර්ජාල සුරක්ෂිතතා පනත සඳහා පොරොන්දු වූ සංශෝධන ද තවමත් නිම කර නොමැති වීම, පොලිස් හිරිහැර කිරීම්, අත්අඩංගුවේ පසුවන අතරතුර සිදුවන මරණ, උතුරු ප්‍රදේශයේ විසඳී නොමැති ඉඩම් ආරවුල් සහ දෙපාර්ශ්වයේ කැමැත්තෙන් සිදුවන සමලිංගික සබඳතා අපරාධමය නොවන බවට පත්කිරීමේ නීති නොමැතිකම බරපතල බාධාවක් ලෙස සලකන බවයි යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම අලි - මිනිස් ගැටුම් අඛණ්ඩව පැවතීම සහ වනාන්තර විනාශය ඇතුළු තර්ජනද නිරන්තර දුර්වලතාවන් පෙන්නුම් කරන බවත් සඳහන්.

Latest News
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026