රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (12) නියෝග කළා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයට බඳවාගත් සේවකයන් පෞද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට අදාල සිද්ධියට මෙම සැකකරු අධාර අනුබල දුන් බව කියමින්.
මෙම නඩුවේ පළමු සැකකරු වන්නේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වන අතර, දෙවැනි සැකකරු ලෙස අල්ලස් කොමිසම අද (12) මොහු අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ අනුව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දිපාල් සංජිව රත්නායක නමැත්තායි.
මෙම සැකකරු හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු ලෙස කටයුතු කරනු ලබන බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශන විමධ්‍යගත පරිපාලන ලෙස පත් වීමෙන් පසු සේවකයන් 5 දෙනෙක් පත් කර ගෙන තිබූ බවත් ඔවුන් අතර, මෙම දෙවන සැකකරු සිටින බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
එම අවධියේදී මෙම දෙවැනි සැකකරු කළමණාකරණ සහකාර තනතුරෙහි කටයුතු කරමින් සිටි බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.
හිටපු අමාත්‍යවරයාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු මෙම දෙවැනි සැකකරු හිටපු අමාත්‍යවරයාගේ කුලියාපිටියේ පිහිටි ඉන්ධන හලක සේවය කරමින් සිටි බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකරු අල්ලස් පනතේ 70 වගන්තිය සහ දූෂණ විරෝධී පනතේ 112 වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මෙලෙස කරුණු දැක්වුවා.
" ස්වාමීනි, මෙම සිද්ධියට අදාල පළමු වැනි සැකකරු වන අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු 2022 ජුලි මාසයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශන විමධ්‍යගත පරිපාලන ලෙස පත්විම් බාර ගන්නවා.
තමාගේ කාර්යය මණ්ඩලයට සේවකයින් 5ක් ලබා ගන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දෙනවා එම සේවකයන්ව, ඊට අමතරව හිටපු මෙම අමාත්‍යවරයා තවත් අවස්ථා දෙකකදී බාහිර පුද්ගලයන් දෙදෙනෙක් කළමනාකරණ තනතුරට අවශ්‍ය බව පවසා ලබා ගන්නවා.
ජනාධිපති ලේකම් කාර්යාලය තුළයි එම කාර්යාලය පිහිටා තිබිය යුත්තේ. කාර්යාලය පිටත පිහිටා තිබේනවානම් ඒ සම්බන්ධයෙන් අදාල ආයතන දැනුවත් විය යුතුයි.
තමාගේ කාර්යය මණ්ඩලයට සේවකයින් 5ක් ලබා ගන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දෙනවා එම සේවකයන්ව, ඊට අමතරව හිටපු මෙම අමාත්‍යවරයා තවත් අවස්ථා දෙකකදී බාහිර පුද්ගලයන් දෙදෙනෙක් කළමනාකරණ තනතුරට අවශ්‍ය බව පවසා ලබා ගන්නවා.
ජනාධිපති ලේකම් කාර්යාලය තුළයි එම කාර්යාලය පිහිටා තිබිය යුත්තේ. කාර්යාලය පිටත පිහිටා තිබේනවානම් ඒ සම්බන්ධයෙන් අදාල ආයතන දැනුවත් විය යුතුයි.
එම බඳවා ගන්නා ලද සේවකයින් රාජකාරියට පැමිණීමෙන් පසු මෙන්ම පිටව යාමේදී ඇඟිලි සටහන් තැබිය යුතුයි. නමුත් මෙම සේවයකන් එලෙස ඇගිලි සටහන් තැබුවේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන්නේ නැහැ. කාර්ය මණ්ඩලය තාවකාලිකව බඳවාගෙන. 2024/2/1 මෙම පත්වීම් ලබා දීලා. අමාත්‍යවරයාගේ එම ධුර කාලය 2024/9/24 අවසන් වී තිබෙනවා.
මෙම සැකකරු එම අවධියේ රාජකාරි කළ බවට වාර්තා, විවේක ගත් අවස්ථාවල වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂා කළා. සැකකරු රාජකාරී අවස්ථාවලම කුලියාපිටියේ පලමු සැකකරුගේ ඉන්ධන හලට ගොස් සේවය කර තිබෙනවා. එම අවධියේ එම ඉන්ධන හලේ බැංකු ගිණුම් කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන්නේ මෙම දෙවන සැකකරු විසින්.
සිද්ධියට අදාල පළමුවන සැකකරු විසින් තමා යටතේ සිටින සේවකයන් ගැන වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා.
නමුත් මෙම සැකකරු විසින් පළමුව ලබාදුන් ප්‍රකාශ දෙවනුව දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දුන් ප්‍රකාශ සමග පරස්පරයි. දෙවන සැකකරු ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේ ලබා දුන් විවේක කාලය තුළ මෙම පළමුවන සැකකරු වන හිටපු අමාත්‍යවරයාා සමග ජංගම දුරකථනයෙන් පස් පාරක් කතා කර තිබෙනවා.
නමුත් මෙම සැකකරු විසින් පළමුව ලබාදුන් ප්‍රකාශ දෙවනුව දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දුන් ප්‍රකාශ සමග පරස්පරයි. දෙවන සැකකරු ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේ ලබා දුන් විවේක කාලය තුළ මෙම පළමුවන සැකකරු වන හිටපු අමාත්‍යවරයාා සමග ජංගම දුරකථනයෙන් පස් පාරක් කතා කර තිබෙනවා.
පසුව ලබා දුන් ප්‍රකාශ පරස්පරව ලබා දී තිබෙනවා. ඒ අනුව පැහැදිලි වෙනවා. සාක්ෂිවලට බලපැම් සිදු විය හැකි බව.
ස්වාමීනි, ඒ අනුව මෙම සැකකරු පළමුවැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රු. 337.34
Local
17 August 2026
වැලිකන්ද ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියෙක් සොරොව්වක සිරවී මරුට
Local
17 August 2026
ඇපල් සමාගම iPhone 18 නිකුත් කිරීම 2027 වසර දක්වා කල් දමයි
Local
17 August 2026
සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවධානයක් යොමු කරන්න: රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් උපදෙස්
Local
17 August 2026
මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
''අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
Local
17 August 2026
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කින් නිම වෙයි
Local
17 August 2026
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026