General17 August 2026

මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

මරදාන පොලිස් වසමේ කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයකින් බිමට වැටීමෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙකු ඊයේ (16) මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මේ පිළිබඳව මරදාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිව සිටි 12 හැවිරිදි වියේ පසුවූ දරුවෙක්.

මහල් 14 කින් සමන්විත මෙම මහල් නිවාසයේ උඩුමහලේ පිහිටි නාන තටාකය ආසන්නයේ, මරණකරු තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිට ඇති අතර, එහිදී එම මහලේ විවෘතව තිබූ ස්ථානයකින් පහළට ඇද වැටී මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes