ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.
පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා.
මෙහිදී ඉදිරිපත් කෙරුණු සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරනු ලැබුආ.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් ඒ අනුව එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කර සිටියා.
එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.
ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
එබැවින්, විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව මෙහිදී සඳහන් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කර සිටියා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Latest News
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026
මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ
Local
16 August 2026
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026
හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු මරුට
Local
16 August 2026
හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක
Local
16 August 2026
අඟුලාන නාවික අනතුර: මූලික විමර්ශනයට විශේෂ කමිටුවක්
Local
16 August 2026
රජයේ වැඩපිළිවෙලට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම මහත් ශක්තියක් - අගමැතිනිය
Local
16 August 2026
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
Local
16 August 2026
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026