International16 August 2026

හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු මරුට

හංගේරියාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නැගෙනහිර හංගේරියාවේ මොසොක් කෙරෙක්ටස් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට එරට පොලිසිය සැක පළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 57 දෙනෙකු සිට තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes