General12 August 2026

මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනයේ යෙදුණු බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරුන් තිදෙනෙකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක නගරය හරහා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් අද (12) මෙම විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාව පවත්වා තිබෙනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පාදුක්ක පොලිසිය එක්ව සංවිධානය කළ මෙම මෙහෙයුමේදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 100 කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා හෙට (13) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes