General13 August 2026

කතරගම කිරිවෙහෙර නා හිමිගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

​ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේගේ පියාණන් වූ වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤා් උපාසක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වෙන විට එතුමන්ගේ වයස අවුරුදු 93ක්.

දේහය වරකාගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අගෝස්තු 15 වන සෙනසුරාදා පස්වරු 2.00 ට වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes