General13 August 2026

'බැකෝ සමන්' ගේ මවට වෙඩි තැබීමට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් ඌරුබොක්කේදී හමුවේ

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නමැත්තාගේ මවට වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයා ගත් බව ඌරුබොක්ක පොලිසිය පවසනවා.

මෙම යතුරුපැදිය, ඌරුබොක්ක - මාතර මාර්ගයේ දම්පහල, පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් තේ ඉඩමකට දමා ගොස් තිබියදී අද (13) උදෑසන පොලීසිය විසින් සොයාගනු ලැබ තිබුණා.

Yamaha FZ වර්ගයට අයත් මෙම යතුරුපැදිය සමඟ රතු සහ කළු වර්ණයෙන් යුත් හෙල්මට් දෙකක් සහ කළු පැහැති බෑගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සොයාගත් යතුරුපැදිය වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි යතුරුපැදියම දැයි තහවුරු කරගැනීම සඳහා ඌරුබොක්ක පොලීසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes