General13 August 2026

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මුවෙකුගේ ජිවිතය උදුරා ගත් දෙදෙනෙක් කොටු

රතු දත්ත ලේඛනයට අනුව මෙරටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව දැඩි ආරක්ෂිත සත්ව විශේෂයක් වන ඕලු මුවකු මරා මස්කළ පුද්ගලයින් දෙදෙනෙකු බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ(11) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුලත්කොහුපිටිය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සිදුකළ මුර සංචාරයක් අතර තුරදී ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා බුලත් කොහුපිටිය අරණායක හා බුළුගම්මන පුදේශවල පදිංචි වයස අවුරදු 52 ක් හා 62ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් විසින් කඳුකර ප්‍රෙද්ශවලට පැමිණෙන වන සතුන් මරඋගුල් අවටා දඩයම් කරන පුද්ගලයින් දෙදෙනෙකු බවට වනජීවී නිලධාරීන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළීව තිබේ.

සැකකරුවන් මෙලෙස ඝාතනය කර ඇත්තේ හොදින් වැඩුණු ඕලු මුව දෙනක බවට වනජීවී නිලධාරීහු පවසනවා.

වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී දඩයම් කරන ලද ඕලු මුව දෙනකගේ මස් කිලෝ 10ක් ද, දඩයමට යොදාගත් මදු 05ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකරුවන් සිදුකර ඇති පාපෝච්ඡාරණයන් අනුව සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ඝාතනය කරන ලද ඕළු මුව දෙනගේ හිස හා සම ඇතුළු ශරීර කොටස්ද වල දමා තිබියදී සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.

බුලත්කොහුපිටිය වනසත්ව අඩවි සහකාර කේ.පී.උදයකරුණානායක මහතාගේ මෙහෙයවීමෙන් ඩබ්ලිව්.ඒ.යූ.වී.ජයසේන ක්ෂේත්‍ර සහයක හා කේ.ඒ.එන් කළුආරච්චි, ඩී.ඩබ්ලිව්.අනුර ජයතිස්ස ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණා.
Related recommendation
Hiru TV News | Programmes