ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙක් සහ යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) රාත්‍රී සි භාරයට ගෙන තිබෙනවා.
තලෙයිමන්නාරම උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
අදාල ඉන්දීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී, මුහුදු පතුලට හානි සිදුකරන ‘Bottom Trawling’ (පතුල් ඇදීමේ) ක්‍රමය භාවිතයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, භාරයට ගත් ඉන්දීය ධීවරයින් නවදෙනා සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිත බවයි නාවික හමුදාව පවසන්නේ.
මන්නාරම් දූපත සහ ආදම්ගේ පාලම අවට පිහිටි මන්නාරම් බොක්කේ පරිසර පද්ධතිය ජාත්‍යන්තර හා දේශීය වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත මුහුදු ජෛව විවිධත්ව හා සංරක්ෂණ කලාපයක් ලෙස සැලකේ.
එබැවින් මෙම ප්‍රදේශය විශේෂ ධීවර කළමනාකරණ හා පාරිසරික ආරක්ෂණ රෙගුලාසි යටතේ සංරක්ෂණය කෙරෙන ප්‍රදේශයක් ලෙස පවතින බවයි වාර්තා වන්නේ.
Latest News
අතුරුදන් වූ ලුතිනන් තිළිණ සංදේශ් සොයා මෙහෙයුම්
Local
17 August 2026
කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' යළිත් රිමාන්ඩ්
Local
17 August 2026
ලක්ෂ 5ක අල්ලසකට ගංජා ජාවාරම්කරු බේරපු පොලිසියේ 4ක් අත්අඩංගුවට
Local
17 August 2026
මුලතිව් නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක් දියේ ගිලී මරුට
Local
17 August 2026
ශිරාන් බාසික් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගනී
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local
17 August 2026
ග්‍රෙගරි වැවේ අනතුරට පත් දරුවන් දෙදෙනෙක් නාවික හමුදාවෙන් බේරා ගනියි
Local
17 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 337.34
Local
17 August 2026
වැලිකන්ද ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියෙක් සොරොව්වක සිරවී මරුට
Local
17 August 2026
ඇපල් සමාගම iPhone 18 නිකුත් කිරීම 2027 වසර දක්වා කල් දමයි
Local
17 August 2026