General17 August 2026

අතුරුදන් වූ ලුතිනන් තිළිණ සංදේශ් සොයා මෙහෙයුම්

අඟුලාන මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් නාවික හමුදා ඩෝරා යාත්‍රාව මේ වන විට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සහ යාත්‍රා උපයෝගී කරමින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතිනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් යාත්‍රාව රැගෙන ඒම තරමක් අසීරු කටයුත්තක් වී ඇති බවයි.

එමෙන්ම අනතුරින් අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා සොයා අද තෙවැනි දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාත්‍රාවේ දෙවැනි අණභාර නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් තිළිණ සංදේශ් උදයප්‍රිය නමැති නාවික හමුදා නිලධාරියායි.

ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ලුතිනන් තිළිණ සංදේශ් උදයප්‍රිය නමැති අතුරුදන් නාවිකයා මොරටුවේ පදිංචි අයෙක්.

මේ අතර අ නතුරට පත් වූ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණු අතර ඒ අනුව හිරු ප්‍රවෘත්තිකණ්ඩායම ද අදාළ ඩෝරා යාත්‍රාව මුහුදුබත් වූ මුහුදු ප්‍රදේශය වෙත ඊයේ යාත්‍රා කළා.

කෙසේ වෙතත් මුහුද රළු වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ යාත්‍රාව දෙහිවල සහ බම්බලපිටිය අතර මුහුදු ප්‍රදේශයේ නවතා තැබුණා.

ඒ අනුව අද උදෑසන යළිත් එම යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමේ කටයුතු ආරම්භ කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් යාත්‍රාව රැගෙන ඒම තරමක් අසීරු වී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes