General13 August 2026

තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ

තණමල්විල පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 64ක් සහ පර්චස් 40ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා ගස් 4,210ක් සමඟ සැකකරුවෙක් තණමල්විල පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

සැකකරු මෙම ගංජා වගාව ඉතාමත් සරුවට සිදුකරගෙන ගොස් තිබූ බවට පොලිසිය පවසනවා.

පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු තණමල්විල මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes