අමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජෝන් එෆ්. කෙනඩි ප්‍රසංග කලා මධ්‍යස්ථානයේ නමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම එක් කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අධ්යක්ෂ මණ්ඩලය පැවැත්වූ රැස්වීමකදී, ගොඩනැගිල්ලේ ඉදිරිපස නාම පුවරුවට “President Donald J. Trump” යන නම ඇතුළත් කිරීමට ඡන්දය ප්‍රකාශ කළ බව ඩිමොක්රටික් පක්ෂයේ කොංග්රස් මන්ත්‍රීවරියක වන ජොයිස් බීටි සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එම තීරණය අනුව, මධ්‍යස්ථානයේ භෞතික පරිශ්‍රය “President Donald J. Trump Plaza” ලෙස නම් කිරීමටද යෝජනා වී ඇති බව සඳහන්.
ට්‍රම්ප් පත් කළ සාමාජිකයන් බහුතරයක් සිටින අධ්යක්ෂ මණ්ඩලය, කෙනඩි මධ්‍යස්ථානය වසර දෙකක කාලයක් සඳහා වසා දමා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටද තීරණය කර ඇති බව බීටි ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම නාම වෙනස් කිරීම නීතිමය අර්බුදයකට මුහුණ දී ඇති අතර, මීට පෙර ෆෙඩරල් විනිසුරු ක්‍රිස්ටෝෆර් කූපර් නියෝග කර තිබුණේ, කොංග්‍රසයේ නීතිමය ක්රියාමාර්ගයකින් තොරව කෙනඩි මධ්‍යස්ථානයේ නම වෙනස් කළ නොහැකි බවයි.
ට්‍රම්ප්ගේ නම මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරන ලෙසද එම අධිකරණ තීන්දුව මගින් නියෝග කර තිබූ අතර, සේවකයන් විසින් පසුගිය ජුනි මාසයේදී ට්‍රම්ප්ගේ නම ඉවත් කර තිබුණා.
විනිසුරු කූපර් පෙන්වා දී ඇත්තේ, කෙනඩි මධ්‍යස්ථානය ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ නමින් නම් කර ඇති බව එහි ස්ථාපිත නීතියෙන් පැහැදිලි වන බැවින්, අධ්යක්ෂ මණ්ඩලයට තනි තීරණයකින් එහි නිල නාමය වෙනස් කළ නොහැකි බවයි.
මේ අතර, ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම මධ්‍යස්ථානයේ අරමුදල් රැස්කිරීමේ හැකියාවට හා මූල්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් ඇති කරන බව ට්‍රම්ප් පාලනය තර්ක කර තිබෙනවා.
එහෙත් එම කරුණු තහවුරු කිරීමට ප්‍රමාණවත් නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව අභියාචනාධිකරණය පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
නව තීරණයත් සමග කෙනඩි මධ්‍යස්ථානයේ නම සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩලය සහ අධිකරණය අතර නව නීතිමය ගැටුමක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026
ගතවූ පැය 24 දී රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් 6ක් මරුට
Local
26 August 2026
රටම එකට වැඩසටහන යටතේ 726ක් දැලේ
Local
26 August 2026
ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා පරාජය කළ 15 හැවිරිදි ඉන්දියානු පුංචි සූරයා
Local
26 August 2026
සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි
Local
26 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් විවෘත කිරීමට ඉරානය සහ ඕමානය සාකච්ඡා
Local
26 August 2026
පුත්තලමට ලංගම බස් රියේ කිරි ඉබ්බන් රැගෙන ගිය අයෙක් දැලේ
Local
26 August 2026
ඇමරිකානු CIA ප්‍රධානියා හදිසියේම මොස්කව් නුවරට - රහස් සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු
Local
26 August 2026
මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 4 යළි කැඳවයි
Local
26 August 2026
එල්නීනෝ - ලානීනා බලපෑම්වලට මුහුණදීමට රටක් ලෙස පූර්ව සූදානමක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
26 August 2026