දේශීය ප්රමුඛ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, සිය අභිමානවත් 21වන සංවත්සරය සහ ලෝක පරිසර දින සැමරීම ඒකාබද්ධ කරමින් ‘2026 ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය’ පසුගිය ජුනි මස 5 සහ 6 යන දෙදින තුළ සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබුවා.
මෙවර ව්‍යාපෘතිය, පරිසර දූෂණය අවම කිරීම සඳහා නිවැරදි කිරීමේ (Corrective) සහ වළක්වා ගැනීමේ (Preventive) ක්‍රියාමාර්ග ඒකාබද්ධ කළ පුළුල් ප්‍රවේශයක් යටතේ ක්‍රියාත්මක වූ අතර, එහිදී එක් දිනක් තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් එක්රැස් කිරීමට සමත් විය. එමෙන්ම, නිසි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් ශ්‍රී පාද පුණ්‍ය භූමිය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ සංචාරකයින් සක්‍රීයව මෙම කාර්යය සඳහා සහභාගී කරවා ගැනීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වුණා.
ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම කඳු ආශ්රිත අභයභූමිය වන ශ්‍රී පාදය, දේශියව ආවේණික ශාක හා සත්ත්ව විශේෂයන්ගෙන් 8%ක පමණ ප්රමාණයකගේ නිවහන බවට පත්ව ඇති අතර, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ රැසක්ද එහි දක්නට ලැබෙනවා.
මෙම ප්‍රදේශය පහත්බිම් වැසි වනාන්තර (Lowland Rainforest), උප කඳුකර වැසි වනාන්තර (Sub-montane Rainforest)
සහ වලාකුළු වනාන්තර (Cloud Forest) යන සුවිශේෂ පාරිසරික කලාප තුනකින් සමන්විත වන අතර, කැළණි, කළු සහ වලවේ යන ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගංගා තුන ඇතුළු ජල මූලාශ්‍ර රැසක් සඳහා උපත ලබාදෙන ඉතාමත් වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස සැළකෙනවා.
මෙහි අන්තර්ගත අතිවිශිෂ්ට ජෛව විවිධත්වය, ස්වභාවික උරුමය, ඓතිහාසික වැදගත්කම සහ සංස්කෘතික වටිනාකම් හේතුවෙන්, ශ්‍රී පාදය 1940 වසරේදී වනජීවී ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, 2010 වසරේදී UNESCO ලෝක උරුම කලාපයක් ලෙස ද පිළිගැනිණි. වර්තමාන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ සංචාරක පූජනීය ස්ථානයක් වන ශ්‍රී පාදය, වාර්ෂිකව දේශීය හා විදේශීය වන්දනාකරුවන් සහ සංචාරකයින් දහස් සංඛ්‍යාත පිරිසක්ගේ වැදුම් පිදුමට ලක්වෙනවා.
අවාසනාවකට වසරින් වසර ඉහළ යන සංචාරක පැමිණීම හේතුවෙන් මෙම පුණ්‍ය භූමිය ක්‍රමයෙන් දූෂණයට ලක්වීම සහ පරිසර
හානි සිදුවීම, එහි අද්විතීය පාරිසරික පද්ධතියට බරපතළ තර්ජනයක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ උපදෙස් සහ අනුශාසකත්වය යටතේ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නල්ලතන්නිය පොලිසියේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය සමඟින්, සියපත ෆිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ප්රමුඛ 50 කට අධික සේවක පිරිසක් මෙවර මෙම වැඩසටහන සමඟ එක්වෙමින් පුණ්‍ය භූමිය ආරක්ෂා කිරීමේ සාමූහික මෙහෙවරට දායක වුණා.
මෙම අවස්තාව සම්බන්ධයෙන් සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි මතීෂ හේවාවිතාරණ මහතා මෙසේ අදහස් දැක්වූවා. “ආයතනයක දිගුකාලීන සාර්ථකත්වය, පාරිසරික සෞභාග්යත්වය සහ තිරසාරත්වයෙන් වෙන්කළ නොහැකි අයුරින් බැඳී පවතින බව සියපත ගමනේ ආරම්භක අවධියේදීම අප ලැබූ වැදගත්ම පාඩම් අතරින් එකකි. වසර ගණනාවක් පුරා අපගේ ව්‍යාපෘති හරහා, සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාකාරීත්වය තුළින් ජනතාව සතු ශක්තිය කෙසේ ප්‍රකාශයට පත්වන්නේද යන්න අප අත්දැක තිබෙනවා. එක් සාර්ථක සහ අර්ථවත් වැඩසටහනක් පවා රටේ යහපැවැත්ම හා ප්‍රගතිය සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව එමඟින් තහවුරු වේ. මෙම වසරේදී ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා කාලය, ශ්‍රමය සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාටම මම මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.”
2024 වසරේදී “සියපතෙන් මිහිකතට – Green Initiative” වැඩසටහන යටතේ ආරම්භ කරන ලද මෙම ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය, සියපත ෆිනෑන්ස් සමාගමේ පරිසර සංරක්ෂණය හා සුරැකීම කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ වගකීම් (CSR) උපායමාර්ගයේ ප්රමුඛ වැඩසටහනකි.
එය සමාගමේ වාර්ෂික දිනදර්ශනයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ද පිළිගැනෙන අතර, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතික උරුමය සහ
පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාවන් එකට එක්කරන වැදගත් ජාතික මට්ටමේ මෙහෙවරක් ලෙස ද සැලකෙනවා.

Latest News
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි
Local
14 August 2026
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
Local
14 August 2026
අමෙරිකාවේ සඳ තරණ මෙහෙයුමට ඉන්දියාවට ඇරයුමක්
Local
14 August 2026
''මම මින් මත්තට මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෑ'' - අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත
Local
14 August 2026
පාකිස්ථානයේ ණය බර ගැන අනාවරණයක්
Local
14 August 2026
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026