මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය අපේක්ෂා කරන බවත් එම දිස්ත්‍රික්ක වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස හා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සිදුකළ යුතු බව ඊයේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසුරිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ඇතැම් ප්‍රදේශවල පානීය ජල හිඟයක් ද පවතින අතර කෘෂිකර්මාන්තයට මෙන්ම දෛනික ජන ජීවිතයටද උද්ගතව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්.
එවන් පසුබිමක මිහින්තලේ ප්‍රදේශයට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන්, මිහින්තලය පුනා වැව, සුරුක්කුලම වැව, කෝන් වැව සහා වෙරුප්පන්කුලම පංසල් වැව ආදී වැව්වල ජලය සිදී යාම ආරම්භ වී ඇති බවයි හිරු වාර්තාකරු පැවසුවේ.
මේ අතර වැල්ලවායේ කුඩා වැව් රැසක ජල මට්ටම අවම වී ඇති අතර වැල්ලවාය - දිවුල්ගස් කනත්ත වැවෙහි ජල මට්ටමද අඩුව තිබෙනවා.
මේ අතර මඩකලපුව, මොණරාගල , රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට බව්සර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට ජල සම්පාදන මණ්ඩලය සතු ජල මූලාශ්රවල ජල අඩුවක් නොමැති බවයි.
එමෙන්ම පවතින වියළි කාළගුණය අවසන් කිරීමට ප්‍රමාණවත් වන පරිදි වර්ෂාපතනයක් ඔක්තෝබර් මාසයේ සිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරන අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළා.
එවන් පසුබිමක රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සමග විශාදය වැනි රෝග උත්සන්න වීමේ හැකියාවක් පවතින බවයි.

Latest News
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026
කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා
Local
21 August 2026
එල්නිනෝ බලපෑම වැඩි වෙයි : රටවල් රැසක ආහාර අනාරක්ෂිතභාවයක්
Local
21 August 2026
ශ්‍රී ලංකාවේ අන්නාසි පළමු වරට පාකිස්තාන වෙළඳපොළට
Local
21 August 2026
තොටළඟ පොඩ්ඩි වටේටම බෙදලා: වාහන 21ක් , බැංකු හතරක් ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නමින් මිලදී අරන්
Local
21 August 2026