General14 August 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, මොණරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක හෙට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Related recommendation
Hiru TV News | Programmes