General16 August 2026

අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ඊයේ (15) අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාව මේ වන විට මුහුදුබත්ව ඇති බව නාවික හමුදාව පවසනවා.

එම යාත්‍රාව අද (16) දිනයේ ගොඩ ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් අදාළ මෙහෙයුමට බාධා එල්ලවී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අනතුරින් අතුරුදන් වූ නාවිකයා සෙවී‍මේ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.

අනතුරින් නාවිකයින් 11 දෙනෙකු මුදා ගත් අතර ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර යටතේ ස්ථාවර තත්ත්වයක පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes