යාපනය ඩෙල්ෆ් මුහුදේදී බෝට්ටුවක් පෙරළී සිදුවූ අනතුරකින් 10 දෙනකු රෝහල් ගත කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
අද (16) පස්වරු 5.30ට පමණ මෙම මගී බෝට්ටුව යාපනය නාගදීප දූපත ආසන්නයේදී අනතුරකට ලක්වූ බවට වාර්තා වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට එම බෝට්ටුවේ ගමන් කරමින් සිටි මගීන් 10දෙනා නාගදීප රෝහලට ඇතුළත් කර ඇති බවත් කිසිදු ජීවිත හානිකයක් වාර්තා වී නොමැති බවත්ය.
පසුව එම පිරිස යාපනය මහ රෝහලට මාරුකර යවා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මෙම පිරිස වන්දනාගමනක් සඳහා යමින් සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.
මෙම බෝට්ටුවේ ගිය පිරිස යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයෙන් අද (16) පස්වරු 3.30 ට පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් සවස 5.30ට ගමනාන්තය වන ඩෙල්ෆ් දූපතට පැමිණීමට නියමිතව තිබූ බවත් එසේ නොපැමිණි බැවින් නාවික හමුදාව විමසීමේදී මෙම අනතුර වාර්තා වූ බවත් නාවික හමුදාව පැවසුවා.
මුහුදු නොයන ලෙසට අනතුරු ඇඟවීම් ලබා දී තිබියදීත් මෙම පිරිස එය නොතකා ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
Latest News
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026